වාර විභාග, විෂය නිර්දේශවලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සාහ කරන්න – අගමැති හරිනි (වීඩියෝ)

ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සකච්ඡාවක් නුවරඑළියේ දී ඊයේ (13) පැවැත් වුණා.

නුවරඑළිය සිනෙසිටා නගර ශාලවේදී පැවති මෙම සාකච්ඡාවට නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

දිවයිනේ සියලු පාසල් දෙසැම්බර් 16 වන දින යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ ද, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පැසල් පැවැත්වීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට අදාළ පළාත් දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා ලබාගැනීම අනිවාර්ය
බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු අතර, පාසල් යාම දරුවන්ට බරක් නොවිය යුතු බවත්, ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇදුමක් පැළදීමේ අවස්ථාව ඇති බවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

වාර විභාග, විෂය නිර්දේශවලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සාහ කරන ලෙසත්, ආපදාවලින් ආතතියට පත් ළමුන් එයින් මුදවාගැනීමට නම්‍යශිලිව අවශ්‍ය කටයුතු යොදන ලෙස මෙහිදී ඇය උපදෙස් ලබා දුන්නා.

කුමන බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදුකරන බව මේවන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51% අවසන් බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කර සිටියා.

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පසුව රට පැවති තත්ත්වයට නොව ඊට වඩා ඉදිරියට ගෙනයාමට සියලු දෙනා කැපවීමෙන් වැඩ කළයුතු බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39