වාණිජ මන්ඩලයෙන් ආර්ථික ගොඩ නගන්න යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් කඩාවැටීමට පෙර මෙරට මුහුණපා ඇති විදෙස් විනිමය ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට පියවර ගන්නා ලෙස වාණිජ මණ්ඩල එකමුතුව රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති විදෙස් විනිමය ගැටලුව හේතුවෙන් දෛනික ඉන්ධන සහ විදුලිබල සැපයුමට බාධා එල්ලවී ඇති බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ ඉන්ධන සහ විදුලිය ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍රයන් නිසි පරිදි ක්‍රියාත්මකවීම සඳහා අත්‍යවශ්‍ය බවය.   

එසේම මේ වනවිට බොහෝ කර්මාන්තකරුවන් සිය අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් කරගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව ඇති බවද වාණිජ මණ්ඩල පෙන්වාදෙයි. 

එමගින් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට කෙරෙන සැපයුම් සඳහා බාධා මතුව ඇති බව ඔවුන් පවසයි.

තමන් මේ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 22 වනදා ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත්කළ බව වාණිජ මණ්ඩල එකමුතුව පැවසීය. 

එම එකමුතුව සිය නවතම නිවේදනයෙන් රජයෙන් ප්‍රධාන ඉල්ලීම් තුනක් කරයි.

01. වෙළෙඳපොළ අවශ්‍යතාව මත මිල තීරණය වන ක්‍රමවේදයක් ඉන්ධන, ගෑස් සහ විදුලිය සඳහා හඳුන්වාදීම. එසේම විනිමය අනුපාතය ද නිදහසේ සංසරණය වීමට ඉඩ සැලසිය යුතුය. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයෑම මනා ලෙස කළමනාකරණය කිරීම ඔස්සේ වෙළෙඳපොළේ මතුව ඇති භාණ්ඩ හිඟය සහ විනිමය හිඟය පාලනය කර ගත හැකිවෙතැයි ඔවුන් පවසයි.

02. හැකි ඉක්මනින් විදෙස් ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හැකි ඉක්මනින් ක්‍රමවේදයක් ආරම්භ කිරීම. එය වාණිජ සහ වාණිජ නොවන ණය සඳහා ක්‍රියාත්මක කළ යුතුය. එමගින් ආනයන සඳහා ඩොලර් ඉතිරි කර ගැනීමට යම් ඉඩක් නිර්මාණය වෙයි.
 
03. හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම. එමගින් වෙළෙඳපොළ සහ පෞද්ගලික අංශයේ විශ්වාසය ඇතිවීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?