ව්‍යාපාරිකයෙකුගෙන් හිටපු ජනාධිපති ගෝඨාභයට එන්තරවාසියක්

පසුගිය සමයේ නිසි මූල්‍ය කළමණාකරණයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සිය ව්‍යාපාරයට සිදු වූ හානිය වෙනුවෙන් ව්‍යාපාරිකයෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට එන්තරවාසි යොමු කර තිබෙනවා.

ව්‍යාපාරිකයා තමන්නට සිදූ වූ මූල්‍ය හානිය වෙනුවෙන් ඉල්ලා සිටින වන්දි මුදල රුපියල් මිලියන 50ක්.

2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුර දී තම ව්‍යාපාරයට සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග සිල්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට එන්තරවාසි යවා තිබෙනවා.

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල් යන අයට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ එවකට සාමාජිකයන් එන්තරවාසි යොමු කළ සෙසු පිරිසයි.

නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම නිසා සිය ව්‍යාපාරයට හානි සිදු වූ බව ව්‍යාපාරිකයා සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් නඩු පවරා එම වන්දි මුදල අයකර ගැනීම සඳහා පියවරගන්නා බවයි.

නීතිඥ ප්‍රමෝද් පොල්පිටිය මගින් එම එන්තරවාසි යොමු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වූ තීන්දු ප්‍රකාශය අනුව රටේ ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පෙරකී පිරිස වගකිව යුතු බවට නිගමනය කර ඇති බැවින් එකී කාලසීමාව තුළදී තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමෙන් සිදුවූ හානියට එකී වන්දි මුදල අයකර ගැනීමට තීරණය කළ බව ව්‍යාපාරික කාලිංග සිල්වා සිය එන්තරවාසි මගින් පවසනවා.

රුපියල අවප්‍රමාණ වීම, ආනයන තහනම් කිරීම සහ දිනපතා සිදු වූ විදුලි කප්පාදුව හේතුවෙන් ආනයනයට අදාළ ව්‍යාපාරයක නිරතව සිටි තමන්ගේ ව්‍යාපාර කටයුතු බිඳ වැටුණු බව එම ව්‍යාපාරිකයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
3
+1
28
+1
4
+1
5
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?