ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව ” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාජ Whatsapp සමූහය පවත්වාගෙන යන බවයි.
මෙම Whatsapp සමූහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වා ගෙන නොයන බවයි එම අමාත්‍යාශය දැනුම්දෙන්නේ.
මෙම ව්‍යාජ Whatsapp සමූහ මගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව අදාළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් ඉල්ලා සිටිනවා.





