ව්‍යාජ 5000 නෝට්ටු රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අද (15) උදෑසන කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එක් අයෙකු 38 හැවිරිදි කොළඹ , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි .

මෙම කාන්තාව අද උදෑසන කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන , මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී ඇති අතර , එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .ඒ අනුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව , මෙම ජංගම දුරකථන අලුත්වැඩියාකරු ද අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .

මෙම ව්‍යාජ නෝට්ටු මේ වනවිටත් කටුනායක අවට ප්‍රදේශයේ සංසරණය වෙමින් පැවතිය හැකි බැවින් , මේ පිළිබඳව සිය අවධානයෙන් සිටින ලෙස කටුනායක පොලිසිය සිය ප්‍රදේශවාසී ජනතාව වෙත දැනුම් දෙයි