ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 05ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) සවස පොල්පිතිගම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යුවළක් ව්‍යාජ මුදල් බවට සැක කෙරෙන රුපියල් දහසේ නෝට්ටු දෙකක් ලබා දුන් බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය විමර්ශන ආර්මභ කර තිබුණේ.

එහිදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යුවළ විසින් එකම අංකය සහිත රුපියල් 1000 නෝට්ටු දෙකක් පොම්පකරු වෙත ලබාදී තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනයේදී එම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ පොල්පිතිගම නගකරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට තමා රන් භාණ්ඩ උකස් කර මෙම මුදල ලබාගත් බවයි.

එම මුදලින් තවත් රුපියල් දහසේ නෝට්ටුවක් ද ඇය සතුව තිබී පොලිස් භාරයට ගනු ලැබුවා.

එහිදී පොලිසිය මෙම කාන්තාව යොදවා නැවත වරක් රන් මාලයක් අදාළ රන් භාණ්ඩ අලෙවි සැලටම උකස් තැබීමට සැලැස්වීමේදී යළිත් අදාළ අංකයම සහිත ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදීම හේතුවෙන් පොලිසිය එම අලෙවි සැල පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම අංකය සහිත තවත් දහසේ නෝට්ටුවක් හමුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එම ස්වර්ණාභරණ අලෙවි සැලේ හිමිකරු ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ නෝට්ටු 5 ද පොලිස් භාරයට ගනු ලැබුවා.

පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 61 හැවිරිදි අයෙක්. ඔහු අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොල්පිතිගම පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36