ව්‍යාජ අංක තහඩු යොදා සුපිරි වාහන ගෙන්වූ තිදෙනෙකු රිමාන්ඩ්

තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව 2024.10.13 වන දින එම ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන විමර්ශන ආරම්භ කරන ලද බවයි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනය අනුව ඊයේ (04) දින ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්වීම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් ව ඊයේ දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?