ව්‍යවසාය සංවර්ධන වැඩසටහන්, “ප්‍රජාශක්ති” ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයාබැලේ

ව්‍යවසාය සංවර්ධනය සඳහා සෘජුව දායකත්වය සපයන රාජ්‍ය ආයතනවල මේ වන විට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ”ප්‍රජාශක්ති” ජාතික ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සොයා බැලීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්වුණා.

මෙම වැඩමුළුවේදී රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම සහ එම තොරතුරු එක් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා වුණා.

එසේම, එම වැඩසටහන් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමටත්, ඒ ඒ ආයතනවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්වල ස්වභාවය සහ නිර්නායක තෝරා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා.

ව්‍යවසාය සංවර්ධනයට සෘජුවම අදාළ වන වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්නායක පිළිබඳවද වැඩමුළුවට එක්ව සිටි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරුණා.

‌මීට අමතරව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අදාළ රාජ්‍ය ආයතන හා ”ප්‍රජාශක්ති” ජාතික ව්‍යාපාරයට තනි තනිව හෝ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හඳුනා ගැනීමත්, එම වැඩසටහන් තෝරා ගැනීමේදී ද්විකරණයවීම වැළැක්වීම සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු කෙරුණා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුද, මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් වන කැලුම් ජයවීර, මාධව මුතුකුඩආරච්චි සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීහු, ‘ප්‍රජාශක්ති’ ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53