වස් සමය ඇරඹෙන ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක්.

රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම ද ඇසළ පෝය දිනයේ සිදුවූ වැදගත් ශාසනික සිදුවීම අතර වනවා.

වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන්නේ ද ඇසළ පොහොය දිනයේ දී වීම විශේෂත්වයක්.

බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකෙන මෙම පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් අද දිනට පුරා ක්‍රියාත්මකයි.

  1. නැවත සියම් දේශයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩම කර මේ ගනින්නාන්සේලා විනාශ කරන බුදු දහම ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලක් යෙදුවොත් ඉතාම කාලෝචිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37