spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 63කට පසු දැවැන්ත ඉන්ධන සමාගමක් ලංකාව සමඟ යළි එක්වෙයි

වසර හැට තුනකට පසු ෂෙල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට එකතු වෙමින් එම සමාගමේ ප්‍රථම ඉන්ධන නැව මෙම මස 19 වැනි දින කොළඹ වරායට පසු ඇතුළු වීමට නියමිතයි.

1961 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් 1880 පමණ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කළ ෂෙල් ඉන්ධන සමාගම රජයට පවරා ගනු ලැබුවා.

ඉන්පසු එම සමාගම ඔවුන්ගේ ආසියාවේ මෙහෙයුම් කටයුතු ලංකාවෙන් ඉවත් කොට සිංගප්පූරුවේ ආරම්භ කරන ලද අතර අද සිංගප්පූරුවේ දැවැන්ත සමාගමක් බවට එය පත් වී තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත්වීමට සිංගප්පූරුවට එමගින් හැකිවුණා.

මෙම රජයේ බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ ෂෙල් ඉන්ධන ආනයනය කිරීමට ගබඩා කිරීමට සහ බෙදා හැරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ වෙනුවෙන් රජය ඉන්ධන පෙරහුම්හල් 150ක් වෙන්කොට ඇති බව සඳහන්.

නව පිරවුම්හල් ආරම්භ කිරීමට බලපත්‍ර පනහක් ද නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
49
+1
6
+1
3
+1
8
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?