සිංගප්පූරුව වසර 20කට පමණ පසු එල්ලුම් ගහට යවන ලද පළමු කාන්තාව ඇතුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දෙදෙනෙකු මේ සතියේ එල්ලා මැරීමට සූදානම් වනවා.
2004 දී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් 36 හැවිරිදි කොණ්ඩා මෝස්තර ශිල්පීයෙක් මේ වෝන් එල්ලා මරා දැමූ පසු සිංගප්පූරුවේදී මරණ දණ්ඩනයට ලක් වූ පළමු කාන්තාව ඇය වනු ඇතැයි වන්නේ.
ලෝකයේ දරුණුම මත්ද්‍රව්‍ය විරෝධී නීති කිහිපයක් ද සිංගප්පුරු නීතියේ ඇති අතර ගංජා ග්‍රෑම් 500 කට වඩා සහ හෙරොයින් ග්‍රෑම් 15 කට වඩා ප්‍රවාහනය කිරීම මරණීය දණ්ඩනයට හේතු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස වසර 20කට පසු එල්ලා මැරීමට සුදානම් වන්නේ Saridewi Djamani ලෙස හඳුනාගත් 45 හැවිරිදි කාන්තාවක් 2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 30ක් පමණ ප්‍රවාහනය කිරීමේ වරදට ඇයට මරණ දඬුවම නියම විය.














