සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක 5ක් එක් රේඛාවක දිස් වන දුර්ලභ අවස්ථාවක් අද සිට දර්ශනය වන බව තාරකා විද්‍යාඥයෝ පවසයි.
මෙම දුර්ලභ දර්ශනය එක්සත් රාජධානිය ඇතුළු උතුරු අර්ධ ගෝලීය රටවල් රැසකට පැහැදිලිව දිස් වන බවට වාර්තා වෙයි.තාරකා විද්‍යාඥයින් පවසන්නේ හිරු උදා වීමට මිනිත්තු 45කට පමණ පෙර මෙය පැහැදිලිව දැකගත හැකි වනු ඇති බවය.මෙසේ එක පෙළට දිස් වන ග්‍රහ ලෝක වන්නේ බුධ , සිකුරු , අඟහරු , බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් ය.
සූර්යයාගේ දීප්තිමත් ආලෝකයෙන් පවා දැක ගැනීමට අපහසු බුධ ග්‍රහයා දැක ගැනීමට මෙහිදී විශේෂ අවස්ථාවක් සැලසෙනු ඇත.මෙය අද සිට සඳුදා දක්වා ලෝකයේ රටවල් රැසකට දිස් වන බවට අනාවැකි පළ කර තිබේ.
මෙවැනි අවස්ථාවක් අවසන් වරට සිදුවූයේ 2004 වසරේදී වන අතර , යළි 2040 වසර දක්වා එවැන්නක් සිදු නොවන බව පවසා ඇත.