වසර 160,000කට පසුව පළමු වරට දිස්වෙන ‘ඇට්ලස්’

ඉදිරි දින කිහිපය තුළ වසර 160,000කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2025 මෙම මාසයෙන් පසුව තවත් කෙතරම් කාලයකින් අනතුරුව මෙවැනි වල්ගා තරුවක දිස්වීමක් ගැන පුරෝකථනය කිරීම අසීරු බවට නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවයි.

මෙම වල්ගා තරුව C/2024 G3 (ඇට්ලස්) නමින් නම්කර තිබෙනවා.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට පහසු තරම් දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස්වන බවයි වාර්තා වන්නේ.

මෙම වල්ගා තරුව ඊයේ (13) දින රාත්‍රියේ දී සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි ස්ථානගත වුණා.

එය ලොව පුරා වැසියන්ට නිරීක්ෂණය වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

මෙම වල්ගා තරුව සිකුරු ග්‍රහලෝකය මෙන් දැඩි දීප්තියකින් යුක්ත වනවා.

එය දකුණු අර්ධ ගෝල වැසියන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය වන බවයි සඳහන් වන්නේ.

ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්වවිද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පැවසුවේ “වත්මන් කක්ෂීය ගණනය කිරීම්වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3ක් පමණ ගමන් කරන බවත්, එය “හිරු- ස්කිර්ටිං” වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කරන බවයි.

උතුරු අර්ධගෝලයේ රාජ්‍යයන් වන එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලට මෙය සමීපව නිරීක්ෂණයට ද හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?