වසර 140ක් පැරණි දුම්රියක අනතුරකින්, 15 දෙනෙකුට දිවි අහිමි වෙයි

පෘතුගාලයේ අගනගරය වන ලිස්බනයේ, ග්ලෝරියා ෆිනිකුලර් දුම්රිය ගමන යනු වසර 140ක් පමණ පැරණි ලෝකයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි දුම්රිය ගමන්මඟක් වනවා.

ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් මෙම දුම්රිය ඊයේ (03) පස්වරුවේ පීලිපැනීමට ලක්වීමෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එම අනතුරෙන් තුවාල ලැබූ තවත් 18 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර, රෝහල් ගතකර සිටින පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පැවසෙන්නේ.

සවස 04:05 ට පමණ සිදු වූ මෙම අනතුරින් මියගිය අය අතර විදේශිකයන් ද සිටින බව බලධාරීන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පෘතුගාල රජය විසින් මෙම අනතුර පදනම්ව ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?