වසර 12කට පසු ඔස්කාර් හා එමි සම්මානලාභී හොලිවුඩ් තරුවක් දිවයිනට

ඔස්කාර් සහ එමි සම්මානවලින් පිදුම් ලත්, සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජෙරමි අයන්ස් (Jeremy Irons) මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට රඟපෑමෙන් දායක වීම සඳහා ඊයේ (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ, වසර 12කට පසුව, හොලිවුඩ් නළුවෙකු මෙරටට පැමිණීම සිදු වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළ බවයි.

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන “කේජ් බර්ඩ් ” (Cadge Bird) චිත්‍රපටයෙහි රංගනයට ජෙරමි අයන්ස් පැමිණ තිබෙනවා.

මෙවැනි ජාත්‍යන්තර වශයෙන් සුප්‍රකට සම්මානලාභී නළුවන් යොදා, නිෂ්පාදනය කෙරෙන සිනමා පට හේතුවෙන් මෙවැනි නළුවන්ගේ සිනමා ලෝලීන්, ශ්‍රී ලංකාව, සිනමා සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම ප්‍රවර්ධනය කිරීම, මෙම සිනමා නිර්මාණවල ප්‍රධානතම අරමුණක් වනු ඇති.

ජෙරමි අයන්ස් ඊයේ රාත්‍රී 11.00ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහුව පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ජාත්‍යන්තර සිනමාකරණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?