වසර 08ක් තිස්සේ කූඨ ලෙස සැකසූ ව්‍යාජ අංක තහඩුවක් සහිත රථයක් පැදපු අයෙක් හිරේට

නීතිවිරෝධී ආකාරයට කොටස් එකලස් කර සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු සහිත මිට්ෂුබිෂී වර්ගයේ පෙජරෝ රථයක් වසර අටක් තිස්සේ භාවිතා කළ බව කියන සැකකාර පුද්ගලයෙකු හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (16) නියෝග කළා.

මුල්ලේරියාව නව නගරයේ පදිංචිකරුවකු වන ගුණසිරි පුෂ්පකුමාර නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි වාර්තා වන්නේ.

සැකකාර පුද්ගලයා ව්‍යාජ අංක තහඩු සහිත කොටස් එකලස් කර සකස් කරන ලද පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරන බවට පොලිස් විශේෂ කාර්යා බලකායට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිසිය වෙත භාරදුන් බව පැමිණිල්ල මෙහෙයවූ වූ පොලිස් කොස්තාපල් 11848 අලුත්ගෙදර අධිකරණයට දැන්වූවා.

සිද්ධියට අදාළව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු එම මෝටර් රථය 2017 වර්ෂයේදී කිසියම් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලකට ලබාගෙන ඇති බවත් පසුව ඔහු එම මෝටර් රථය සඳහා ව්‍යාජ අංක තහඩු හා ආදායම් බලප්‍රත්‍රයක් සකස් කරගෙන භාවිතා කර ඇති බවට කරුණු අනාවරණය වන බව ද පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවේ පැවසුවා.

තම වාහනයේ බලපත්‍රය නැති වූ බව පවසමින් සැකකාර පුද්ගලයා 2018 වසරේදී කැලණිය පොලිස් ස්ථානය වෙත අසත්‍යය පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට දැන්වූවා.

එම වාහනය භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් අපරාධ කටයුත්තක් සිදු කර තිබේ ද යන්න පිළබඳව හා ඔහු රථ වාහන වැරදි සිදුකර තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

පැමිණිල්ල මෙහෙයවූ පොලිස් කොස්තාපල් අලුත්ගෙදර මාතා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
23
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?