අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන සාජන්වරයෙක් විසින් මිට වසර හයකට පමණ පෙර යතුරුපැදියෙන් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.
ඒ අනුව අධිකරණය විසින් ඔහුට රුපියල් හැටදහසකට ආසන්න දඩ මුදලක් නියමකර ඇති අතර එලෙස දඩ නියම වීම සම්බන්ධයෙන් ඔහු කෝපයට සිට ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර ඊයේ රාත්‍රීයේ අනුරාධපුර, කූඹිච්චං කුලම අසල ප්‍රදේශයේ අදාළ සාජන්වරයා සහ තවත් නිලධාරියෙක් රාජකාරීයේ යෙදී සිටින අතරතුර අදාළ සාජන්වරයාට ඉහත කී සැකකරු විසින් පිහියකින් ඇන තුවාල සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් සාජන්වරයා සමඟ සිටි අනෙක් නිලධාරියා එම සැකකරු සමඟ පොරබැඳ ඔහුව තම භාරයට ගෙන ඇති අතර පසුව ඔහු සහ පිහි ඇනුමට යොදාගත් එම පිහිය අනුරාධපුර පොලිසියට වෙතට භාරදී දී අත්ගි බවයි වාර්තාවන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සාජන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
වසර හයකට පෙර සිදුවූ සිදුවීමට පළිගැනීමක් වශයෙන් අදාළ සාජන්වරයා දුටුවිට නිවසට ගොස් පීහියක් රැගෙනවිත් සාජන්වරයාට පිහි ඇනුම් එල්ල කළ බවට අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයකර ඇති බවට පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණයන් මෙහෙයවන අතර සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





