වසරකට රුපියල් බිලියන 150ක සුරාබදු වංචාවක් – හොර අරක්කු සීඝ්‍රයෙන් වෙළඳපොළට

මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතන කීපයක් පවතින ක්‍රමවේදයට සම්පූර්ණයෙන් පටහැනිව නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයකර බෙදාහැරීම හේතුවෙන් රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම රුපියල් බිලියන 150 කට අධික බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළ එම සංගමයේ සභාපති අජිත් උඩුගම සඳහන් කළේ ඒ අනුව දළ වශයෙන් දිනකට රජයට අයවිය යුතු බදු මුදල් රුපියල් මිලියන 500ක් පමණ අහිමිවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ

මේ ආකාරයෙන් නීති විරෝධීව නිපදවන මත්පැන් නිෂ්පාදන දෛනිකව විශාල ප්‍රමාණයක් වෙළඳපලට පැමිණෙමින් තිබිය දී එම බදු මුදල් අයකර ගැනීමට නිසික්‍රමවේදයක් සකස් නොකරන මුදල් අමාත්‍යාංශය පසුගියදා මත්පැන් බලපත්‍ර මිල සියයට තුන්දහස් තුන්සියයකින් වැඩි කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“මුදල් අමාත්‍යාංශය සුරා බදු දෙපාර්තමේන්තුවෙන් වසරකට රුපියල් බිලියන 217ක මුදලක් තමයි ආදායම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පසුගිය වසරේ ආදායම වුණේ රුපියල් බිලියන 171යි. මේ ආදායම වැඩිකරගන්න විදිහ අපි සුරා බදු දෙපාර්තමේන්තුවට යෝජනා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පෙර තිබූ පරිදි අලෙවිය මත ආදායම අයකර ගැනීමේ ක්‍රමය, බදු නොගෙවා නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් සහ රා සදහා බදු අයකර ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළොත් අපේ බලපත්‍ර ගාස්තු වැඩි නොකර විශාල මුදලක් වාර්ෂිකව හොයන්න පුළුවන්. අපි මේ පිළිබඳව තොරතුරු සියල්ල ලබාදුන්නත් සුරා බදු දෙපාර්තමේන්තුව ඒ සඳහා කිසිම උනන්දුවක් නෑ. ඇතැම් සුරාබදු නිලධාරීන් මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ආයතන සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා කියලා අපි දන්නවා. නමුත් රජයට වාර්ෂිකව අහිමිවන රුපියල් බිලියන 150ක් මුදල අයකර ගන්න වැඩපිළිවෙලක් සකස් කරගන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා. මේ නීති විරෝධීව නිෂ්පාදනය කරන රා ඇතුළු මත්පැන් නියමිත ප්‍රමිතියට නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා කාරක පවා ඒ සඳහා යොදනවා. මේවා මිනිස් ශරීරයට සෞඛ්‍යට ඉතාමත් අහිතකරයි. ඒත් මේවා නවත්තන්න වගකිවයුත්තන්ට උනන්දුවක් නෑ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වන විට බලපත්‍ර සහිත මත්පැන් අලෙවිය සියයට පනහකටත් වඩා ඉතාමත් පහත වැටිලා තියෙන්නේ. දිනෙන් දින අසාමාන්‍ය විදියට බදු අයකරන නිසා මත්පැන් මිල සාමාන්‍ය ජනතාවට දරන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. හැබැයි නීති විරෝධී මත්පැන් භාවිතය ඉතාමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා. තව ටික කලකින් මේක අපේ රටේ සෞඛ්‍ය අංශවලටත් දරාගන්න බැරි තරම් ගැටලුවක් වෙන එක නම් අනිවාර්යයි”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49