මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ දී වෙඩිතබා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08) දින මාදම්පේ පොලිස් වසමේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 33 ක් වූ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය ජුලි මස 22 වන දින මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වයස අවුරුදු 30ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකුට තුවාල සිදුවුණා.
ඝාතනයට ලක් වූ කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනය ලක් වූ වසන්ති චතුරානි නොහොත් සඳමාලි නැමැති මෙම තරුණ කාන්තාව, එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන කුඩු මාලි නැමැති කාන්තාවගේ වැඩිමල් දියණිය බවයි තොරතුරු වාර්තා වුණේ.
මාරවිල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.





