වවුනියාව මහ නගර සභාවේ සෙංකෝලය හිටපු නගරාධිපති ගෙදර අරන් ගිහින්

වවුනියාව,මහ නගර සභාවේ සෙංකෝලය වවුනියාව මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා විසින් නිවසට රැගෙන ගොස් ඇති බව වවුනියාව මහ නගර සභාවේ නිළධාරීන් වවුනියාව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා වවුනියාව මහනගර සභාවේ හිටපු නගරාධිපති සුන්දරලිංගම් කාන්දීපන් මහතා වෙත පොලිසිය වෙත කැඳවීමක් සිදුකොට ඇති බවයි.

පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් වවුනියාව මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන සුන්දරලිංගම් කාන්දීපන් මහතා ධූරයෙන් පහ කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබු බව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසූහ.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සුන්දරලිංගම් කාන්දීපන්ගෙන් විමසීමේදී හෙතෙම පැවසූවේ තමන් මහනුවර පැවැත්වුනගරාධිපතිවරුන් වෙත පැවැත්වු සාකච්ජාවකට සහභාගි වෙමින් සිටියදී පසුගිය ජුනි 24
වැනිදා තමන් ධූරයෙන් ඉවත් කොට ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවයි.

ඒ අනුව පසුගියදා තමන්ගේ කාර්යාලයේ පැවති තමන් පාවිච්චි කළ පෞද්ගලික භාණ්ඩ රැගෙන ඒමට කටයුතු කළ අතර, එහිදි වැරදීමකින් සෙංකෝලයද රැගෙනවිත් ඇති බවයි.

අදාළ සෙංකෝලය නැවත භාරදීමට මහ නගර සභාව වෙත ගිය බවත්, එහිදි එහි සේවකයින් පැවසූවේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි කොට ඇති බැවින් සෙංකෝලය භාර ගැනීමට නොහැකි බවට පැවසූ බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව අදාළ සෙංකෝලය සකස් කළ පුද්ගලයා වෙත තමන් සෙංකෝලය නැවත භාරදීම සිදුකළ බවද හිටපු නගරාධිපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23