වවුනියාව නෙදුන්කේනි රක්ෂිත ප්‍රදේශයේ පිහිටි පුරා විද්‍යා භූමියක උසාවි නියෝග කඩ කරමින් හා එම පුරා වස්තු වලට හානි සිදු වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පුජකවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් වවුනියාව විශ්වවිද්‍යාල සිසුන් ඊයේ (11) සවස විරෝධයක නිරත වී තිබෙනවා.
එහිදී ඔවුන් පුරා විද්‍යා දෙපර්තමේන්තුවටද විරෝධය එල්ල කල අතර එම අවස්ථාවට යුධ සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ද සහභාගී වි තිබෙනවා.
ඔවුන් තම ඉඩම් අත්පත් කර ගන්නා බවට චෝදනා කරමින් විරෝධයේ නිරත් වි සිටි බව අප වාර්තාකරු පැවසුවා.
කෙසේ වෙතත් අදාල ස්ථානයේ පවතින බ්‍රාහ්මීය අක්ෂර සහිත කටාරම් ලිපි හා දාගැබේ නටබුන් ඔස්සේ පුරාවිද්‍යා නිලධාරීන් මෙම ස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත්ව තිබු වඩ්ඩමාන පබ්බත නමැති විහාරය වශයෙන් හදුනාගෙන ඇති අතර එම ස්ථානයේ ඉකුත් 2018 වසරේ පමණ හින්දු භක්තිකයින් විසින් දේව ප්‍රතිමා තැම්පත් කොට පුරාවිද්‍යා නටබුන් වලට හානි සිදු වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඊට සම්බන්ධ පිරිස් වලට පුරා විද්‍යා නිලධාරීන් නීතිමය ක්‍රියාමර්ග ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.














