වව්නියාවේ ලොකුම වැවේ වාන් දොරටු ඇරේ (ඡායාරූප)

උතුරු පළාතේ ප්‍රදේශ රැසකට ද පවතින වර්ෂාව හමුවේ වව්නියාව දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශයක් වූ පාවක්කුලම වැවේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වැවේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බවයි.

පාවක්කුලම වැවේ ජල මට්ටම සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් අද (22) සිට වාන් දොරටු 3ක් විවෘත කිරීමට පියවර ගත් බවයි වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.

අක්කර අඩි 27,000ක ජල ධාරිතාවයකින් යුත්පාවක්කුලම වැවෙහි පළමු වතාවට වාන් දොරටු දෙකක් අඟල් 12 බැගින්ද වාන් තවත් වාන් දොරටුවක් අඟල් 18 බැගින් ද විවෘත කර තිබෙනවා.

ඊයේ (21) සවස වන විට මෙම වැවෙහි ජල ධාරිතාව අක්කර අඩි 26,000 ඉක්මවීමෙන් පසුව ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවයි දිස්ත්‍රීක් ලේකම්වරයා කියාසිටියේ.

වාන් දොරටු විවෘත කිරීමෙන් පසු තත්පරයට ඝන අඩි 680ක ජල ධාරිතාවක් වැවෙන් මුදාහැරෙන බැවින් පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටින ලෙසට ද දැනුම් දෙනවා.

පාවක්කුලම වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත්බිම්වල සිටින ජනතාවට ඇති විය හැකි බලපෑම පිළිබඳව සොයා බැලීමට ද වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුලු වාරිමාර්ග නිලධාරීන් පිරිසක් විසින් පාවක්කුලම් වැව හා අවට ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වෙමින් ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?