වල් ඌරු මසට ලොල් වූ අයෙකු ඇටවූ ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

වල් ඌරන්ට ඇටවූ ගිනි අවියක් පත්තු වීමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇති අයෙකු ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව බෝගමුව පොලීසිය කියයි.

15 වෙනිදා රත්‍රී 8.45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.

ගිනි අවියට බිලි වීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ මහමූකලන්යාය,කනව, කන්දේවත්ත පදිංචිකරුවෙකු වන සමරකෝන් මුදියන්සේලාගේ ප්‍රියන්ත සමරකෝන් නම් අයෙකි.

තුවාල ලබා රෝහල් ගත කර සිටින අය තමන්ට අයත් මහකමූකලන්යාය ප්‍රදේශයේ ඇති ඉඩමේ ඇවිද යමින් සිටින විට ගිනි අවියට බිලිවී ඇත.වල් ඌරන් දඩයම් කිරීම සදහා එම ඉඩමට ආසන්නයෙන් පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ගිනි අවිය අටවා ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

බෝගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?