වල් ඌරට තැබූ වෙඩිල්ල වැදුණු පියා ජීවිතක්ෂයට

පිය පුතු දෙපළක් වල් ඌරන් දඩයමේ ගිය අවස්ථාවක පුතා විසින් වල් ඌරෙකුට තැබූ වෙඩිල්ලක් පියාට වැදීමෙන් පියා ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වනවා.

දැදිගම, මල්මැස්ස ප්‍රද්ශයේ දී ඊයේ (28) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි දෙදරු පියෙක් වන අතර, වෙඩි තැබීම සිදුකර ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පුත්‍රයායි.

මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ දැදිගම – ජයලත් කන්ද ප්‍රදේශයේ වල් ඌරු දඩයමේ ගොස් ඇති අතර, එහිදී පියා විසින් වල් ඌරෙකු කොටුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පුත්‍රයා විසින් ඌරෙකු යැයි සිතා වෙඩි තබා ඇති අතර, එම වෙඩි ප්‍රහාරය වැදී ඇත්තේ පියාටයි.

වෙඩි වැදුණු එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සැකකාර පුත්‍රයා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සිදු වූ ස්ථානයට අද දහවල් කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දැදිගම පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12