AFC Banner
AFC Banner
Empty Ad

වල්ලපට්ටාවලින් තෙල් සිඳි ස්ථානයක් වටලා එක් අයෙක් අත්අඩංගුවට

ගාල්ල – නාගොඩ පොලිස් බල ප්‍රදේශයේ කැටගොඩ – කොස්ලන්ද රක්ෂිතයට ආසන්නව පවත්වාගෙන ගිය නීතිවිරෝධී වල්ලපට්ටා දැව කොටස් ජාවාරමක් වටලා එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.

මෙම වැටලීම ඊයේ (19) සිදු කෙරුණේ නාගොඩ පොලිසිය විසින්.

කිසිදු බලපත්‍රයක් රහිතව වල්ලපට්ටා ශාක කොටස්වලින් තෙල් සිඳින ස්ථානයක් මෙලෙස වටලා තිබෙනවා.

නිවසක් තුළ සූක්ෂ්ම අයුරින් මෙම වල්ලපට්ටා ශාක කොටස් උපයෝගී කරගනිමින් තෙල් සිඳින කටයුත්තක් සිදුවන බවට ලද තොරතුරක් මතයි වැටලීම සිදු කළේ.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?