වරදකරුවන් වූ පුද්ගලයින් සිරගත කරන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් (වීඩියෝ)

නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් ”සිරසර ශිල්ප 2025” කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද ( 15) පෙරවරුවේ එක්වෙමින්.

සමාරම්භක උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළා.

”මෙය ඉතා වැදගත් උත්සවයකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකියි. වැරදි කළ පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමටයි. වසර ගණනාවක් තිස්සේ අඩු පහසුකම් මෙන්ම පැවති ක්‍රමවේදය හරහා බන්ධනාගාර ගත කිරීමේ අරමුණු නිසි පරිදි ඉටු වුයේ නැහැ. සිර දඬුවම් විඳි පුද්ගලයින් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්ප හේතුවෙන් ඔවුන්ට රැකියාවක් පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයන් තිබෙනවා. රැඳවියන්ට බන්ධනාගාරගත කාලය තුළ පුහුණුවීම්වලින් හා හැකියාවෙන් පිරි පුද්ගලයින් බවට පත්වීමට මෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ වටපිටාව සකස් කර තිබෙනවා. සමාජ ගත වු පසු යහපත් අනාගතයක් පවතින බවට වු ආත්ම විශ්වාසය රැඳවියන්ට ලබා දිය යුතුයි. කුමන බාධක පැමිණියත් ශක්තිමත්ව ඉදිරියට යා යුතුය යන හැඟීම බන්ධනාගාර නිලධාරීන් විසින් ඇති කර ගත යුතුයි. සිරගතව සිටින සිරකරුවන් අපරාධකරුවන් නොව දක්ෂ පුද්ගලයින් බව මෙවැනි ප්‍රදර්ශන තුළින් මනාව පැහැදිලි වන බව” ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ බන්ධනාගාර 28ක රැඳවියන් විසින් කළ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වෙන සිරසර ශිල්ප 2025 ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපිත වීඩියෝ පුවරුව වීවෘත කිරීමට සහ ප්‍රදර්ශන කුටි නැරඹීමට ද කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?