වරදකරුවන් වූ පුද්ගලයින් සිරගත කරන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් (වීඩියෝ)

නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් ”සිරසර ශිල්ප 2025” කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද ( 15) පෙරවරුවේ එක්වෙමින්.

සමාරම්භක උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළා.

”මෙය ඉතා වැදගත් උත්සවයකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකියි. වැරදි කළ පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමටයි. වසර ගණනාවක් තිස්සේ අඩු පහසුකම් මෙන්ම පැවති ක්‍රමවේදය හරහා බන්ධනාගාර ගත කිරීමේ අරමුණු නිසි පරිදි ඉටු වුයේ නැහැ. සිර දඬුවම් විඳි පුද්ගලයින් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්ප හේතුවෙන් ඔවුන්ට රැකියාවක් පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයන් තිබෙනවා. රැඳවියන්ට බන්ධනාගාරගත කාලය තුළ පුහුණුවීම්වලින් හා හැකියාවෙන් පිරි පුද්ගලයින් බවට පත්වීමට මෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ වටපිටාව සකස් කර තිබෙනවා. සමාජ ගත වු පසු යහපත් අනාගතයක් පවතින බවට වු ආත්ම විශ්වාසය රැඳවියන්ට ලබා දිය යුතුයි. කුමන බාධක පැමිණියත් ශක්තිමත්ව ඉදිරියට යා යුතුය යන හැඟීම බන්ධනාගාර නිලධාරීන් විසින් ඇති කර ගත යුතුයි. සිරගතව සිටින සිරකරුවන් අපරාධකරුවන් නොව දක්ෂ පුද්ගලයින් බව මෙවැනි ප්‍රදර්ශන තුළින් මනාව පැහැදිලි වන බව” ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ බන්ධනාගාර 28ක රැඳවියන් විසින් කළ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වෙන සිරසර ශිල්ප 2025 ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපිත වීඩියෝ පුවරුව වීවෘත කිරීමට සහ ප්‍රදර්ශන කුටි නැරඹීමට ද කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34