වයඹ පළාතේ පාසල්වල දෙවන වාර විභාගය කල් යයි

වයඹ පළාතේ දෙවන වාර විභාගය පැවැත්වෙන දිනයන් සංශෝධනයවීම සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව හෙට (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාගයන් ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

වයඹ පළාතේ පාසල්වල 6 – 9 ශ්‍රේණි සඳහා දෙවන වාර විභාගය 2026.07.09 සිට 2026.07.17 දක්වාත්, 10 – 11 ශ්‍රේණි සඳහා දෙවන වාර විභාගය 2026.07.09 සිට 2026.07.20 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබුණා.

සැලසුම් කළ පරිදි විභාග කටයුතු හෙට (15) සිට 20 වන දින දක්වා පැවැත්වීමට අපහසු වන බැවින් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ තීරණයක් අනුව මෙලෙස විභාග දින 04ක් කල් දැමීමට පියවර ගෙන තිබෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted