වඳුරු උණ ගැන ශ්‍රී ලංකාව සීරුවෙන් – රමේෂ්

ශ්‍රී ලංකාව වඳුරු උණ සඳහා හොඳින් සූදානම් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත සූදානම පෙර වසරවලට වඩා මේ වන විට ඉතා හොඳ මට්ටමක පවතින බවත්, මිනිසුන් ආසාදනය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?