spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන සෙනසුන තුළ භාවනායෝගීව වැඩසිටීමට, ස්වාමීන් වහන්සේලාට බාධා කරන්න එපා

ඓතිහාසික බඹරගස්තලාව වන සෙනසුන තුළ භාවනායෝගීව වැඩසිටීමට, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට බාධා කරන්න එපා යැයි  අගමැති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී, ඇමතිනි පවිත්‍රාගෙන් වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඓතිහාසික කුඩම්බිගල තපෝවනයට කි.මී. 6ක් පමණ දුරින් පිහිටි, ඓතිහාසික බඹරගස්තලාව වන සෙනසුන තුළ භාවනායෝගීව වැඩසිටීමට, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට බාධා නොකරන ලෙස, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමතිනි, පවිත්‍රාදේවි වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදි වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නාය.

කෙසේ වෙතත්, වනජීවී දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය පවතින මෙම වනාන්තරය තුළ ගිහි ජනතාව සමඟ මානව ක්‍රියාකාරකම් සිදු නොකළ යුතු බවත් ඇය සඳහන් කළාය.

වැඩිදුරටත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අමාත්‍යවරිය කියා සිටියේ රටේ ඕනෑම වනාන්තරයක භාවනානුයෝගීව වැඩසිටීමට ස්වාමීන් වහන්සේලාට අවස්ථාව ඇති නිසා ඊට බාධා නොකරන ලෙසය.

පානම කුඩම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති / අනුශාසක පූජ්‍ය පැලවත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව 2023.01.24 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබූ අතර උන් වහන්සේ ඉල්ලා සිටියේ අතීතයේ මෙන් නැවත වතාවක් මෙම බඹරගස්තලාව සේනාසනය ගෞරවනීය මහා සංඝරත්නයේ පරිහරණයට ලබාදීම සඳහා මැදිහත් වන ලෙසය.

සාකච්ඡාවට එක්වූ පූජ්‍ය පැලවත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේ පැවසුවේ, මේ වනවිට නිධන් හොරුන්ගෙන් සිතැඟිය පිරිදි ඔවුන්ගේ අණසක පතුරුවමින් මෙම ඓතිහාසික පුදබිම විනාශ කරමින් එහි තිබෙන ඉතා‍ වටිනා වස්තූන් පැහැරගැනීම සිදුවෙමින් පවතින බවයි.

පුදබිමේ භාවනායෝගීව වැඩසිටීමට ස්වාමීන් වහන්සේලාට අවසර දෙනවා සේම එහි සිදුවන පුරාවිද්‍යා ස්ථාන විනාශය පිළිබඳවද අවධානය යොමුකරන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු නිදහසේ කරගැනීම සඳහා අවස්ථාව සලසා දීමට  සහ බෞද්ධ උරුමය රැකගැනීමට රජයේ මැදිහත්වීම උපරිමව ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?