Empty Ad
AFC Banner

වන අලි ප්‍රහාරයකින් උසස් නාවික නිලධාරියෙක් මරුට

මැදවච්චිය – පූනෑව නාවික හමුදා කඳවුරේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් වන අලි පහරදීමකින් ඊයේ (29) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

මෙම නිලධාරියා නාවික හමුදා කඳවුරට ඊයේ (29) රාත්‍රියේ බස් රථයකින් පැමිණ ඇති අතර, ඔහු කඳවුර අසළ දී බසයෙන් බැස
වෙළඳසැලැක් වෙත යමින් සිටිය දී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

වන අලි ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ සිටි නාවික නිලධාරියා ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශ භාරව සිටි ලුතිනන් කමාන්ඩර් ජේ.ඒ.එම්.සී.ජයකොඩි නැමැති නිලධාරියායි.

ඔහු නිට්ටඹුව, මාතලාන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මියගිය නාවික නිලධාරියාගේ මෘත ශරීරය මේ වනවිට වවුනියාව රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වඟකීමක් නැතිව ජලාශයේ වාන් දොරටු ඇරලද ? මෙන්න සිදුවෙලා තියෙන මහා විනාශය
04:20
Video thumbnail
අනුරට උතුරේ පාලනය සම්පූර්ණයෙන්ම අතඇරිලා තියෙන්නේ
02:52
Video thumbnail
විදුලි බිල මිනිස්සුන්ට දරාගන්න බෑ
04:16
Video thumbnail
පොද්දල ජයනත් කටඅරී - මෙන්න පවුල් පාලනයේ පැටිකිරිය
17:58
Video thumbnail
මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් වසර ගණනාවකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #pasku
06:36
Video thumbnail
කොහොමද අපි හරියටම අභියෝගවලට මුහුණදෙන්නේ ?
05:11
Video thumbnail
හැමදාම දිනපු මාලිමාව දසත කස්තිරමේ ඇපත් නැතුව පැරදුනාද ?
12:05
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතීඥ උපුල් අබේවික්‍රම සහ සජබ පා.ම නීතීඥ අජිත් පී. පෙරේරා සහභාගිවන කස්තිරම
01:36:04
Video thumbnail
මාලිමාවේ රෙදි ඔළුවෙන් ගලවපු සජබයේ අජිත්
07:23
Video thumbnail
කාලෙකට පස්සේ ඩී.වී චානක දුම්මලවරම අතට ගනී
02:47

?