වන අලි පහරදීම්වලින් මරණ 3ක්

ප්‍රදේශ කිහිපයක වන අලි පහරදීම්වලින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.

අරලගංවිල, තත්තිරිමලේ සහ හඳපානාගල ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

අද උදෑසන අරලගංවිල දිවුල්දමන ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු දිවුල්දමන ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර අනුරාධපුර තන්තිරිමලේ ප්‍රදේශයේදී වැවක දිය නෑමට ගිය පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මරණයට පත්වුණා.

ඊයේ සවස කුලී වැඩ අවසන් කර පැමිණ දිය නෑමට යාමේදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරු මහවිලච්චිය රෝහලට රැගෙන යන විටත් මරණයට පත්ව සිටි බව සඳහන්.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ තම ගම් ප්‍රදේශයේ මේවන විට වන අලි පහරදීම් හේතුවෙන් 10 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බවයි.

ඊට පිළියමක් සලසා දෙන ලෙසට ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේදී ද වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ සවස ඔහු හඳපානාගල වැව් රක්ෂිතයේ මසුන් ඇල්ලීම සඳහා යමින් සිටියදී වන අලියාගේ පහරදීමට ලක්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මියගොස් ඇත්තේ වැල්ලවාය නෙලුවගල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08