වනිඳු හසරංග යළිත් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් රඳවා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම අද කටයුතු කළා.

අද පැවති වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 10.75ක මුදලකටයි කණ්ඩායම විසින් ඔහු වෙන්කර ගනු ලැබුවේ.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ද වනිඳූ හසරංග වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10.50 ක ලන්සුවක් ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ ප්‍රීති සින්ටා හිමිකාරීත්වය දරන පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගනු ලැබුවා.

මේ අතර අද පැවති වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ඔහු මෙවර වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබුවේ කඩුලු රකින්නන් කාණ්ඩය යටතේයි. කුසල් මෙන්ඩිස් වෙනුවෙන් වෙන්දේසියේදී ඉදිරිපත් වූ මූලික මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්.

මේ අතර අයි පී එල් වෙන්දේසියකදී මෙතෙක් ක්‍රීඩකයෙක්ට ඉදිරිපත් වූ වැඩිම ලන්සුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සැම් කරන් ට අද හිමිවුණා.

ඔහුට හිමිවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5ක්. ඔහු මිලදී ගනු ලැබුවේ ප්‍රීති සින්ටා හිමිකරීත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් තවදුරටත් ඔවුන්ගේ කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කළා.

ඒ මතීෂ පතිරණ ද සමගින්. ඔවුන් දෙදෙනාට පිළිවෙලින් හිමිවූ ලන්සු මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 70ක් සහ ලක්ෂ 20ක්.

IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරුනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් අද ඉදිරිපත් වූයේ නැහැ.

මෙවර වෙන්දේසියේ දී දසුන් වෙනුවෙන් හිමිවූ මූලික මුදල ඉන්දී රුපියල් ලක්ෂ පනහක්.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරද අද දිනයේ වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුනු අතර ඔහුවද කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීමද විශේෂත්වයක්.

පසුගිය වර තරගාවලියේ දී චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?