AFC Banner
AFC Banner
Empty Ad

වනිඳු හසරංග යළිත් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් රඳවා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම අද කටයුතු කළා.

අද පැවති වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 10.75ක මුදලකටයි කණ්ඩායම විසින් ඔහු වෙන්කර ගනු ලැබුවේ.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ද වනිඳූ හසරංග වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10.50 ක ලන්සුවක් ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ ප්‍රීති සින්ටා හිමිකාරීත්වය දරන පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගනු ලැබුවා.

මේ අතර අද පැවති වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ඔහු මෙවර වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබුවේ කඩුලු රකින්නන් කාණ්ඩය යටතේයි. කුසල් මෙන්ඩිස් වෙනුවෙන් වෙන්දේසියේදී ඉදිරිපත් වූ මූලික මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්.

මේ අතර අයි පී එල් වෙන්දේසියකදී මෙතෙක් ක්‍රීඩකයෙක්ට ඉදිරිපත් වූ වැඩිම ලන්සුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සැම් කරන් ට අද හිමිවුණා.

ඔහුට හිමිවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5ක්. ඔහු මිලදී ගනු ලැබුවේ ප්‍රීති සින්ටා හිමිකරීත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් තවදුරටත් ඔවුන්ගේ කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කළා.

ඒ මතීෂ පතිරණ ද සමගින්. ඔවුන් දෙදෙනාට පිළිවෙලින් හිමිවූ ලන්සු මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 70ක් සහ ලක්ෂ 20ක්.

IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරුනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් අද ඉදිරිපත් වූයේ නැහැ.

මෙවර වෙන්දේසියේ දී දසුන් වෙනුවෙන් හිමිවූ මූලික මුදල ඉන්දී රුපියල් ලක්ෂ පනහක්.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරද අද දිනයේ වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුනු අතර ඔහුවද කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීමද විශේෂත්වයක්.

පසුගිය වර තරගාවලියේ දී චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?