AFC Banner
AFC Banner
Empty Ad

වනිඳු හසරංගට කොදෙව් දේශයෙන් කැඳවීමක්

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට කැඳවීමක් ලැබී තිබෙනවා.

සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම විසින් වනිඳුව තරගාවලිය සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම නියෝජනය කළ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලින් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ, අනුවයි වනිඳු හසරංග සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට කැඳවා ඇත්තේ.

වනිඳු මීට පෙර තරගාවලිය වෙනුවෙන් සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට තෝරාගෙන තිබූ නමුත් ඔහු ඒ වනවිට ආබාධයකට ලක්ව සිටීමත් සමඟ ඔහුව තරගාවලියෙන් ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය මේ වනවිට සුව අතට පත්වීමත් සමඟයි ශිකන්දර් රාසාගේ ඉවත්වීමෙන් පසු වනිඳුට මෙම කැඳවීම ලැබී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?