AFC Banner
Empty Ad
Empty Ad

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඉන්දියාවේ ගංඟාවකට පෙරළී අනතුරක්

වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රදේශයේ දී ගංඟාවකට පෙරළීයාමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වන්දනාකරුවන් 28 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 30 දෙනෙක් බස් රථය තුළ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පුද්ගලයින් 26ක් මියගොස් ඇති අතර ඒ අතර බස් රථයේ රියදුරු සහ සහායකවරයා ද සිටින බවයි වාර්තා වන්නේ.

මාර්ගයට මීටර් 250ක් පමණ පහළින් ගලා බසිනා ගංගාවකට බස් රථය පෙරළී ඇති අතර අනතුර හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් ඉන්දීය රජය තීරණය කර ඇත්තේ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 02 බැගින් සහ තුවාල ලැබුවන් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි ලබාදීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?