spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනජීවී වෛද්‍යවරයෙකුට දිවියෙකුගෙන් ප්‍රහාරයක්

තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව ප්‍රදේශයේ මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා තිබෙනවා.

ඔහු රෝහල් ගත කර ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

යාල වනෝධ්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී එක වරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍ය මාලක අබේවර්ධනගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව වනජීවී නිලධාරීන්ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැලයට පැන ගොස් තිබුණා.

දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ වනජීවී වෛද්‍යවරයා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති එහිදී වනජීවී වෛද්‍යවරයා සැත්කමකට ද ලක් කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?