වනජීවී නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක්

බූන්දල ඌරණිය වනජීවී කලාපය තුළදී පිටස්තර පිරිසකගේ පහර කෑමට ලක් වූ වනජීවී නිළධාරීන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුළත්ව කර තිබෙනවා.

ඌරනිය බීට්ටු කාර්යාලය ආසන්නයේදී වනජීවී නිළධාරීන් පෙරේදා සවස සැකකටයුතු ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඒවායින් පැමිණි කණ්ඩායම මෙම පහරදී සිදුකර පලාගිය බව වනජීවී නිලධාරීන් පැවසුවා.


ඌරණීය වනජීවී කාර්යාලයේ ස්ථානබාර නිළධාරී සුජන්ත ප්‍රිංයකර මහතා පැවසුවේ වනජීවී නිළධාරීන්ට පහර දුන් පිරිස හදුනාගෙන ඇති බවයි.

ඔවුන් දිගින් දිගටම වනජීවී නිලධාරීන්ගේ රාජකාරිවලට බාධාකරන ප්‍රදේශයේම පිරිසක් බව ද ඔහු පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට වනජීවී නිලධාරීන් පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?