AFC Banner
AFC Banner
Empty Ad

වනඅලියෙකුගේ පහරදීමෙන් අයෙක් රෝහල්ගත කරයි

වනඅලි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ හසලක, පල්ලේවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (04) උදෑසන මහියංගන මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වියරු වැටුණු වනඅලියා විසින් එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථයකට ද පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

හසලක – පල්ලේවත්ත මහවැලි ගංඟාව ආසන්නයේ පිහිටි පරගහමුකලාන ප්‍රදේශයේ පදිංචි ඒ. ජි. සමන් කුමාර නමැති 46 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

කිසියම් අවශ්‍යතාවක් සඳහා මහමග ගමන් කරමින් සිටියදී මහවැලි ගංගාව දෙස සිට දිව ආ වනඅලියා ඔහු පසුපස පන්නා මෙලෙස පහර දී ඇති බව සඳහන්.

අලියාගේ පහරදීමෙන් ඔහුගේ අතකට හා පාදයකට හානි සිදුව තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවුණු මොහු ගම්වාසීන් විසින් මහියංගන මුලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හසලක වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් වනඅලියා පන්නා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?