වතු කම්කරුවෙකුට කඳුකර කොටි ප්‍රහාරයක් (ඡායාරූප)

බගවන්තලාව බ්‍රිඩ්වේල් වතු යායේ සේවය කරමින් සිටි වතු කම්කරුවෙකු කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

වතු යායේ සැරිසරන කඳුකර කොටියාගේ පහරදීමෙන් තුවාල සිදු වූ කම්කරුවා බගවන්තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (24) උදෑසන 10.30ට පමණ තේ වත්තේ රැඳී සිටි කඳුකර කොටියෙකු මෙම වතු කම්කරුවා සපා කා පළා ගොස් තිබෙනවා.

මෙම කොටියා රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළා.

වතු කම්කරුවන් සුරතලයට ඇති කරන සුනඛයින් ඔවුන් සමග තේ වත්තට පැමිණෙන අතර එලෙස පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සඳහා තේ වත්තට පැමිණෙන කඳුකර කොටින් එම ගොදුර දඩයම් කිරිමට බාධා කරන ඕනැම අයෙකුට පහර දී තම ගොදුර රැගෙන යන බවයි වනජිවී නිලධාරීන් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16