spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වතු කම්කරුවෙකුට කඳුකර කොටි ප්‍රහාරයක් (ඡායාරූප)

බගවන්තලාව බ්‍රිඩ්වේල් වතු යායේ සේවය කරමින් සිටි වතු කම්කරුවෙකු කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

වතු යායේ සැරිසරන කඳුකර කොටියාගේ පහරදීමෙන් තුවාල සිදු වූ කම්කරුවා බගවන්තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (24) උදෑසන 10.30ට පමණ තේ වත්තේ රැඳී සිටි කඳුකර කොටියෙකු මෙම වතු කම්කරුවා සපා කා පළා ගොස් තිබෙනවා.

මෙම කොටියා රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළා.

වතු කම්කරුවන් සුරතලයට ඇති කරන සුනඛයින් ඔවුන් සමග තේ වත්තට පැමිණෙන අතර එලෙස පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සඳහා තේ වත්තට පැමිණෙන කඳුකර කොටින් එම ගොදුර දඩයම් කිරිමට බාධා කරන ඕනැම අයෙකුට පහර දී තම ගොදුර රැගෙන යන බවයි වනජිවී නිලධාරීන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?