logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ගැන ගොනු වූ අභියාචනා පෙත්සමක් සලකා බැලීම මේ 27 දා

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා මේ මස 27දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාදීකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීම තීරණය කළ බවත් පෙත්සම්රුවෝ සඳහන් කර තිබෙනවා.

එම තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?