ඇල්පිටිය – මාපලගම මාර්ගයේ වතුරවිල ප්‍රදේශයේ පිහිටා ඇති විශාල තේ කර්මාන්ත ශාලාවක අද (19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ගිනිනිවන අංශ සහ පොලිසිය එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













