වත්තල ගින්නකින් එක් අයෙක් මරුට

වත්තල ප්‍රදේශයේ නිවසක සිදුවූ හදිසි ගිනි ගැනීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් එම නිවසට ගිනි තබා තිබෙනවා.ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි.

ගින්නට හසුවීමෙන් එම නිවසේ සිටි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු සහ ගිනි තැබීම සිදුකළ පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව රාගම රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.