වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ පද්ධතියේ OTP නිකුත් කිරීමේ ක්‍රමවේදයේ දෝෂයක්

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබෙන පද්ධතියේ දෝෂයක් හටගෙන තිබෙනවා.

එම පද්ධතියේ දත්ත තහවුරු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන OTP අංකය ලබා දීමේ ක්‍රමවේදයේ මෙම දෝෂය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.