කැකිරාව ඔලොම්බැව ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටී සිටි වනඅලියෙකු නිරුපද්‍රිතව ගොඩ ගැනීමට විජිතපුර වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කළ සොයා බැලීමක දී මෙම වන අලියා ළිඳකට වැටී සිටින ආකාරය දක්නට ලැබුණු බවයි.
පසුව වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව අලියා බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කෙරුණා.
මෙම වනඅලියා පෙර දින රාත්‍රියේ එම වගා ළිඳට වැටෙන්නට ඇති බවයි වනජීව නිලධාරීන් සඳහන් කළේ.
ළිඳෙන් ගොඩගැනුණු වනඅලියා අවුරුදු 25ක් පමණ වයසැති සත්ත්වයෙක් බව ද පැවසෙනවා.
එම සත්ත්වයා කලාවැව ජාතික උද්‍යානය ආශ්‍රිතව සැරිසරන සත්ත්වයෙකු බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.
ජේසීබී යන්ත්‍ර ආධාරයෙන් වන අලියා ගොඩ ගැනීම සිදු කෙරුණු අතර ඊට පැයක පමණ කාලයක් ගත වූ බව ද වාර්තා වනවා.























