වගා හානි සිදුකළ අයාලේ යන සතුන් බැඳ තමන අවස්ථාවලදී ආහාරපාන වෙනුවෙන් සතුන්ගේ අයිතිකරු ගොවීන්ට දිනකට ගෙවිය යුතු මුදල රුපියල් 25 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව වසර 20කට අධික කාලයක් ක්‍රියාත්මක වූ 2000 අංත 46 දරණ ගොවිජන සංවර්ධන පනතෙන් සංශෝධිත කෙටුම්පත කඩිනමින් ගැසට් කිරීම හරහා මෙම දඩ මුදල් ඉහළ දැමීමට නියමිතය.
අදාළ සංශෝධන ඇතුළත් අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඊයේ ලබාදුන් අතර පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ගැසට් කිරීමට නියමිතව තිබේ.













