වංචනික විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

ගුවන් ටිකට් පත් අලවි කරන නියෝජිත අයතනයක මුවාවෙන් පවත්වා ගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිත ආයතනයක් වැටලීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් සමත් වී තිබේ

පොලොන්නරුව රෝහල හන්දියේ ස්ථානයක ලියාපදිංචි නොකළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන බවට වන තොරතුරක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලැබී ඇත.ඒ අනුව සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව වැටලීම සිදු කර ඇත.ව්‍යාජ විදේශ රැකියා ආයතනය පවත්වා ගෙන ගිය බව කියන පොලොන්නරුව – සෙවනපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීම සිදු කළ ව්‍යාජ විදේශ රැකියා ආයතනයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 03 ක්,ජීව දත්ත පත්‍රිකා 04 ක්,කටාර් හී රැකියා ලබා ගැනීමට වීසා ලබා ගැනීම සදහා භාවිතා කරන වෛද්‍ය පරීක්ෂණයන් සදහා වන අයදුම් පත්‍ර 03 ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැර තිබෙනවා