වංචනික ඇමතුම් ලබාදී මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයින් රවටා වංචනිකව බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිල්ලත්තෑව සහ සුවශක්තිපුර ප්‍රදේශවලදී ඊයේ සවස මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධයක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධවයි.

අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.

ගුරුවරයෙකු ලෙසට පෙනී සිටිමින් ගම්පහ ජාඇල කඳාන පමුණුගම වීරගුල පූගොඩ සහ පේරාදෙණිය පොලිස් වසම්වල පාසල් ළමයින්ගේ දෙමව්පියන්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇතැයි සඳහන්.

ගුරුවරයෙකු ලෙසට පෙනී සිටිමන් ළමයින්ගේ දෙමව්පියන්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ දරුවන් අසනීප වී රෝහල් ගතකර ඇති බැවින් හදිසි ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට පවසා බැංකු ගිණුම් අංක ලබාදී එම ගිණුම් වෙත මුදල් බැර කරවාගෙන තිබෙනවා.

මේ ආකාරයට සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 25ක් පමණ වංචා කර ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී පුද්ගලයින් රවටා මෙලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගන්නා වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙසට මීට පෙර ද පොලිසිය මහජනතාව දැනුවත් කර තිබෙනවා.

පොලිසිය ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි වංචනික පුද්ගලයන්ට හසු නොවන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07