ලෝලෙවල් මාර්ගයේ කොටසක් අද රාත්‍රියේ වැසේ

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ (ලෝලෙවල් මාර්ගය) වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පස්වරු 5.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවහාන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව හදිසි අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් සඳහා මෙලෙස මාර්ගය වසා තැබීමට සිදුව ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල සිට කොළඹට පැමිණෙන වාහනවලට කොටිකාවත්ත මංසන්ධියෙන් වමට හැරී, ගොතටුව, කොළොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොළොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට ද පිවිසීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහනවලට වැල්ලම්පිටිය පොලිස්ථානය ඉදිරියෙන් දකුණට හැරී, කොළොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසීමට හැකි බව ද මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08