ලෝක ශූර නෙයිමාර් ගැන අසුබ ආරංචියක්

ලෝක පාපන්දූ ශූර බ්‍රසීලයේ නෙයිමාර් හට සැත්කමකට මුහුණදීමට සිදු ව තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ; එළඹෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ උරුගුවට එරෙහි ව පැවති තරගය අතරතුර දී නෙයිමාර් දණහිසේ ආබාධයකට ලක් වු බවයි.

ඔහුගේ පාදයේ දණහිස පුපුරා ගොස් ඇති බවටයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

නෙයිමාර්ගේ පාදයේ meniscus කොටස මෙලෙස පුපුරා යාමට ලක්ව තිබෙනවා.

මෙනිස්කස් යනු C හැඩැති කාටිලේජ කැබැල්ලක් වන අතර එය shinbone (tibia) සහ කලවා (femur) අතර කොට්ටයක් ලෙස ක්‍රියා කරන්නක්.

සෑම දණහිසකට ම menisci යුගල දෙකක් තිබෙනවා.

කාටිලේජ ඉරීම ලෙස ද ,එය හඳුන්වනු ඇති බවයි වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ.

මෙය පුපුරායාම දැඩි වේදනාකාරී අත්දැකීමක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

සිය දණහිස පුපුරා යාම නිසා පිටියෙහි ඇදවැටුණු නෙයිමාර් වේදනාව දරාගත නොහැකිව කඳුළු සලමින් සිටි බවත් වාර්තා වනවා.

නෙයිමාර් ආබායට ලක් වී පිටියෙන් ඉවත් වීමත් සමග , උරුගුවේ හමුවේ බ්‍රසීලයට ගෝල 2-0ක් ලෙස පරාජයට පත්වීමට සිදුවුණා.

බ්‍රසීල පාපන්දු සම්මේලනය (CBF) පැවසුවේ නෙයිමාර්ගේ දණහිස තුවාල වී එය කැඩී ගොස් ඇති බැවින් ශල්‍යකර්මයකට ඔහුව භාජනය කළ යුතු බවයි.

අගෝස්තු මාසයේ දී පැරිස් – සෙන්ට් ජර්මන් වෙතින් සෞදි අරාබියේ අල් හිලාල් සමග එක් වූ 31 හැවිරිදි මෙම සුපිරි ක්‍රීඩකයා ඊයේ මොන්ටෙවීඩියෝ හි පැවති තරගයේ අර්ධ භාගයේදියි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

CBF නෙයිමාර්ගේ තුවාලය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ශල්‍යකර්මයට තවමත් දිනයක් ලබා දී නොමැති බවත්, වෛද්‍ය වාර්තා කිහිපයක් පැමිණෙන තෙක් රැඳී සිටින බවයි.

44 වැනි මිනිත්තුවේ දී උරුගුවේ ක්‍රීඩක නිකොලස් ඩි. ලා කෲස් සමග පන්දුවට පොරකෑමට උත්සාහ කරන විටදීයි; නෙයිමාර්ගේ වම් පාදයේ එකවර ම මෙම ආබාධය හටගෙන ඇත්තේ.

සිය ආබාධය සහ තරගය පරාජය වීම සම්බන්ධයෙන් බ්‍රසීලයේ ලෝක ශූරයා සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි තබා ඇත්තේ; එය ඉතාමත් කනගාටුදායක කාලයක් බවයි. තමන්ගේ නරක ම කාලය මෙය බවත්, ශක්තිමත් ව ඉදිරියට ඒමට තමා හට පවුලේ උදවිය මෙන් ම මිතුරන් අවශ්‍ය වනු ඇති බවත් නෙයිමාර් සටහනෙහි තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34