ලෝක වාර්තාවක් තබමින් රොස්ටන් චේස් සහ අමීර් ජංගූ ශ්‍රී ලංකාවට හොඳටම තලයි – ශ්‍රී ලංකාව අසීරු තැනක

ඇන්ටිගුවා හිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට සත්කාරක කොදෙව් කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කරගෙන සිටියා.

තුන්වන දිනට තරගය අවසන්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15ක් රැස්කරගෙන සිටියේ එක් කඩුල්ලක් දැවී තිබියදීයි.

මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 09ක් දැවී 626ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

කොදෙව් පළමු ඉනිම ශක්තිමත් කිරීමේ දී ඉතිහාසගත සබඳතාවක් ගොඩනගන්නට කොදෙව් නායක රොස්ටන් චේස් සහ අමීර් ජංගූට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර පිට පහර දුන් මෙම පිතිකරුවන් යුගළය වසර 149ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහායේ නව ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයක 06 වන කඩුල්ල වෙනුවෙන් ඉහළම සබඳතාව ගොඩනඟමින්.

මෙම තරගයේ දී රොස්ටන් චේස් සහ අමීර් ජංගූ කොදෙව් පළමු ඉනිමේ හයවන කඩුල්ලට ලකුණු 401ක් රැස්කරමින් මෙම ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

එහිදී රොස්ටන් චේස් සිය පළමු ටෙස්ට් දිව්ත්ව ශතකට පෙනෙන මානයේ සිටිය දී ලකුණු 194කට දැවී ගිය අතර, සිය ටෙස්ට් දිවියේ මෙතෙක් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ඉනිම ක්‍රීඩා කරමින් අමීර් ජංගූ ලකුණු 233ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිලාන් රත්නායක කොදෙව් පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවා.

ඒ, අනුව කොදෙව් පළමු ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 626ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටවනු ලැබුවේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු ලකුණු 318ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින්.

ඒ, අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සටනක නිරතව සිටින ශ්‍රී ලංකාව තවත් කඩුලු 09ක් අතැතිව ලකුණු 303ක් පිටුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31