ලෝක රූ රැජින තරගාවලියට එක් වූ අපේ සුන්දරී දිවයිනට (වීඩියෝ)

2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද (02) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.

අනුදි ගුණසේකරට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පැවති ලෝක රූ රැජින තරගාවලියේ අවසන් 40 දෙනා අතරට පිවිසීමට නොහැකි වුව ද, ඇය ශ්‍රී ලංකාවට සහ ආසියාවට ලබා දුන් ජයග්‍රහණ අගය කළ යුතු වනවා.

බහුමාධ්‍යය අංශයෙන් (මල්ටිමීඩියා) අනුශූරත්වය ලෝක රූ රැජින තරගාවලියේ දිනුවේ අනුදි ගුණසේකරයි.

එය ආසියාව සහ ශ්‍රී ලංකාව ලැබූ පළමු මල්ටිමීඩියා ජයග්‍රහණය ලෙසට ද ඉතිහාසගත වුණා.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 108ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි මස 07 සිට 31 වැනිදින දක්වා පැවැත්වුණා.

අනුදි ගුණසේකර අද පස්වරු 02.50 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර එහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උසස් පිළිගැනීමක් සංවිධානය කර තිබුණා.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනුදි ගුණසේකර, තමන් ජීවිතයේ එක් වරක් පමණක් අත්දැකිය හැකි සුන්දර අත්දැකීමකට රට වෙනුවෙන් මුහුණ දුන් බව පැවසුවා.

එහිදී තමන් අනුදි ගුණසේකර වශයෙන් ලෝකයා හැඳින්වීම පසෙකලා “ශ්‍රී ලංකා” යන නමින් හැඳින්වූ බවත්, එය තමන් ලද මහත් ගෞරවනීය අවස්ථාවක් බව ද මෙනෙහි කර සිටියා.

තමන් ලෝකයේ ලස්සනම තරුණියන් සමග පසුගිය මාසයක කාලය ගත කළ බවත්, යළිත් ලෝක රූ රැජින තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තු නොවන බව ද අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළ බවයි දසත ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ලෝක රූ රැජින තරගාවලියේ 2025 ලෝක රූ රැජින කිරුළ හිමිවූයේ තායිලන්තයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
5
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?